Product Code: EPA221
... ඉන්දියා- පකිස්ථානු බෙදුම් වාදය තුළින් දරුවන් ලැබූ කටුක අත්දැකීම් සහ දරුවන් අහිමි වීමෙන් දෙමව්පියන් ලද වේදනාවන් ඔවුන් ගේ කදුළු ගංගා වී ඉන්දියාවෙත් පකිස්ථානයේත් වීදියක් වීදියක් දිගේ ගලා ගිය අයුරුත් මෙම කෙටි කතා සංග්‍රහයේ කතුවරුන් විසින් මනාව පැහැදිලි කොට ඇත. මෙවැනි අත්දැකීම් ලබන අය ශ්‍රී ලංකාවේ ද මේ වන විට ජීවත් වීම අප දකින විශේෂත්වයකි. මෙම බෙදුමේ දී තම සැමියන් අතහැර තම රටට යන්නට සිදු වූ බිරියන්ගේ ශෝචනීය කතා ද ඇතුළත් වේ. තමා ආදරය කරන, තමා රැක බලා ගන්නා සැමියා අතහැර තම රටට යන්නට තරම් බිරියන් ආත්ම ශක්තියක් ගොඩ නගා ගන්නේ කෙසේ ද? මෙවැනි අවස්ථාවලදී පරිත්‍යාගශීලි පුද්ගලයන්ගේ චරිත ද හමු නොවන්නේ නොවේ. සංවේදී පුද්ගලයා පරිත්‍යාගය උතුම් ලෙස සලකයි.