දුටුගැමුණු මහ රජතුමාගේ මාපියන් පිළිබඳව ප්‍රමාණවත් විමසීම් කර නැත. මේ කෘතිය එම අඩුපාඩුව යම්තමකට හෝ පිරිමැසීමකි. කාවන්තිස් රජු ගැනත් විහාර මහා දේවිය ගැනත් මූලාශ්‍රයවල එන කරුණු මෙහි විමර්ෂනාත්මකව ගොනු කර ඇත. මේ සඳහා අභිලේඛන සාධක ද අමතක කර ඇත. මේ ප්‍රෞඪ මාපියන් පිළිබඳව ඇති කර ඇති දුර්මත ගැන ද මෙහි සාකච්ඡා කර ඇත.මේ ග්‍රන්ථයේ ලේඛකයා මේ රටේ අස්සක් මුල්ලක් නෑර පුරාවිද්‍යා ගවේශනයේ යෙදී නොයෙක් ඓතිහාසික තොරතුරු එළිදරව් කර ඇති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන්ය. උන්වහන්සේගේ ශාස්ත්‍රීය ලේඛන නව කරුණුවලින් පිරි අලුත් ම තොරතුරුය. අන්‍ය ලේඛකයින්ගේ කරුණු එක්කර තම ලේඛනයක් සේ ලියන්නන්ට උන්වහන්සේ අභියෝගයකි. පුවත්පත් සඟරාවලට ලිපි දහස් ගණනක් සපයා පොත් හතළිස් ගණනක් ලියා ඇති මේ හිමියෝ විශ්වවිද්‍යාල දෙකක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළහ. ප්‍රථම වරට ලංකාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ පදවියකට පත් වූ භික්ෂූන් වහන්සේ මේධානන්ද හිමියන්ය. දුටුගැමුණු මහ රජතුමා ගැන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මුන්වහන්සේ අතින් දැන් සකස් වෙමින් පවතී. මේ ග්‍රන්ථය එහි පෙරවදන යැයි සැළකේ