Product Code: BFM038
ජෝර්ජ් වහාම පැන ගියේ ය. එහෙත් ඔහු වැඩි දුරක් නොගියේ ය. ඔහු ගියේ අනිත් කාමරයට ය. සඳ පායා තිබුණ බැවින් ජනේලය ළඟට ඉක්මනට යාමට තරම් කාමරයේ එළිය තිබුණි. ඔහුගේ පාද වෙව්ලමින් පැවැති නිසා ජනේලයට නැග එළියට පැන ගත්තේ ය. ඔහු ලොකු පඳුරක් සොයා ගෙන එහි මැද හැංගුණේ ය. මිනිසුන් ආපසු යන තුරු එහි සිටීමට ඔහු ඉටා ගත්තේ ය. ''ඊට පස්සෙ මට පුළුවන් ආපහු ගිහින් ජැක් හොයා ගන්ට. එයාට මොනව වුණා ද? හරීයට අතුරුදහන් වුණා වගේ."