වසරකට වරක්වත් කෙටිකතා පොතක් ඔබ අතට පත්කළ යුතු යයි හැඟීමක් මා තුළ ඇති වූයේ පසුගිය කාලය තුළ විශාල ශික ටික තා ප්‍රමාණයක් ලියා ගොඩ ගැසී ඇති නිසාය. පහසුව පරිදි ඒවා සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කිරීමේ ප්රතිඵලයකි මෙය. පසුගිය කාලයේ මා ලියූ කෙටිකතා බොහෝ පාඨකයෝ අගය කළ අතර අදහස් ද දක්වා එවා තිබුණි. එමෙන්ම එම කෘති ද මාගේ නවකතා මෙන්ම විකිණී යාම සතුටට හේතුවක් ද විය. එම ධෛර්යය නිසාම මා මෙම කෘතිය ඔබ අතට පත් කිරීමට උනන්දු වූයෙමි. කුමන හෝ සාහිත්‍ය කෘතියකින් රසයක් විඳිය හැකිය. අපේ පැරණි කෙටි කතාවන්ගෙන් රසය විඳි බොහෝ පිරිස් වෙති. ඉතා කෙටි කලකින් කතාවක් රස විඳ අවසන් කිරීමේ හැකියාව මෙම සාහිත්යාංගයෙන් ලැබෙන නිසා අවිවේකී බොහෝ දෙනාට වටිනා ලියවිල්ලක් වන බව මගේ හැඟීමයි