ගම්යා අඩු කුලේ යැයි සම්මන පවුලක කෙල්ලක්ය. කවුරු කොහොම ලොවට බණ කියූවත් අද වන තුරුත්, කුලභේද ජාති භේද සමාජයෙන් අතුගා දැමීමට බැරි වී ඇත. පුවත් පතක අරත' මංගල යෝජනාවක් බැලුවත් එතනද කුල භේදය පැහැදිලිවම සටහන් කර ඇත. ලොවේ සම්මත යැයි පවතින නමුත් සමාජයට නොගැලපෙන මෙවන් කාරණාවක් බිඳ දැමීම බොහෝ දෙනා දකින්නේ අසම්මත ක්රියාවක් ලෙසින් ය. ඒත් එහි වීරත්වයක්ද ගැබ්ව ඇතැයි කවිඳුට සිතුණේය. සියළු සැප සම්පත් යස ඉසුරු අතහැර ආදරය සොයා ගිය මිනිසුන් අතීතයේද විසුවේය. කවිඳු අමල්ව දුටුවේ ඒ අතීත මිනිසුන්ගේ වර්තමාන පුරුකක් ලෙසින් ය