කතුවරයාගේ එකොළොස් වන නවකතාව වන “දෙවියන් නොදුටු සනුහරේ" මෙරට අතීතයේ මහේශාඛ්‍යව වැජඹුන එක් සමාජ කොටසක් වූ වලව් පරම්පරාවේ ගරා වැටීම පිළිබඳ ශෝකාන්ත කතාන්දරයයි. විසි වන ශත වර්ෂයේදී වුවද නම පන්තියේ මහේශාඛ්‍ය බව හා වලව් පන්තියේ ඇවතුම් පැවතුම් දිවි හිටියෙන් රැකගැනීමට සමහරු සටන් කළහ. එවන් හුදකලා සටනක නියැළුන රටේ ප්‍රබල වලව් තුනකටම සම්බන්ධ එක් ළමාතැනියක නම් දේශපාලන සමාජයටය' සංස්කෘතික ආදී බලවේග ප්‍රවාහයන්ට හසු වී තම දරුවන් විසින්ම අසරණ කරන ලදුව එම සම්ප්‍රදායි ප්‍රවාහය තුළම ගිලී විනාශ වී යාමේ ඛේදවාචකයේ දෝංකාරයයි