සියලු දේ පටවාගෙන ජීවිතය යාත්‍රාව පැදවිය නො උසුළා සිටිය හැකි තරම් පටවා ගත යුතුය. එවිට පහසුවෙන්ම යාත්‍රා කළ හැකිය ජීවිත යාත්‍රාව පදවනු මාවතේ එක් සංධිස්ථානයක හමුවත නිර්මලම රමණීයම පුදබිම ආදරය බව බොහෝ දෙනා නොසිතනවා විය හැකිය ආදර පුදබිමේදී ආදරය වෙනුවෙන් පවත්වන සියලු පුදපුජා පැවැත්විය යුතුය. පිදිය යුතු සියල්ල පිදිය යුතුය. ඉන් පසු තවත් එවැනි පුදබිමක් හමුවන්නේ නැත හමුවුවද ආදර පුදබිම තරම් රමණීය නැත ආදර පුදබිම තරම් නිශ්කලංක නැත ආදර පුදබිමට පය තැබූ මොහොතේම මම මගේ ජීවිතයේ සියලු පූජාවන් පැවැත්වුවෙම ඒ සඳහා මව දේව ප්රතිමාවන් අවශ්‍ය නොවිය බුද්ධ ප්රතිමාවන් අවශ්‍ය නොවීය කිරිගරුඩ ප්‍රතිමාවක් මා අභියස විය ඒ සංඛය ඒත් අම්මාගේත් තාත්තාගේත් අකාගේත් බලාපොරොත්තු ඉදිරිය ඒ කිරිගරුඪ ප්‍රතිමාව මා හැර ගියේය