නව යොවුන් වියේ පසුවන දයාබර නැගණියකට වැඩිහිටි සහෝදරයකු විසින් සරල හා සුගම බසින් ආමන්ත්‍රණය කරන ලද හෘදයාංගම හසුන්පත් රැසකින් සමන්විත මෙම ග්‍රන්ථය නිව්ටන් ගුණසේකරයන්ගේ තවත් ප්‍රසංශනීය වෑයමක් ලෙසට හැඳින්විය හැකි ය. ජිව්තය, සමාජය, ආදරය, විවාහය හා මනුෂ්‍යත්වය පිළිබඳව කතුවරයා මෙහි පළ කරන සාධනීය කරුණු ඕනෑම පාඨකයකුගේ සිත ප්‍රබෝධයෙන් හා ආත්ම ශක්තියෙන් පුරවයි. නැගණියක්, දියණියක්, පෙම්වතියක්, සහෝදරියක් පමණක් නොව දයාබර මවක් විසින් ද කියවිය යුතු අගනා කෘතියකි