Product Code: EPA245
විදනේදය විශ්වවිදනාලයේ විද්‍යාර්ථියකු වන එස්. ඒ. එස්. සමරනායක මහතා රචනා කරන ලද "දරුවන්ගේ දරුවෝ" නවකතාව, සිංහල නවකතාවට නව විෂය ක්ෂේත්රයක් හඳුන්වා දීමට ගත් උත්සහයක් ලෙස දැකිය හැකිය. කලාත්මක නවකතාවක අන්තර්ගත විය යුතු කරුණු බොහොමයක් මෙහි දක්නට ලැබේ. වර්තමානයේ බිහි වන නවකතා වල දක්නට ලැඛෙන ඒකාකාරී අත්දැකීම් හා බස්වහර යන කරුණු වලින් හැකි තරම් දුරට මිදෙන්නට මෙම කතුවරයා ගෙන ඇති උත්සාහය පාඨකයා තුළ කිසියම් නවමු හැඟීම් සමුදායක් බිහි- කරන්නට සමත් වී ඇති බව මගේ විශ්වාසයයි.
විෂය ක්ෂේත්රය තුළින් කිසියම් නැවුම් බවක් මෙම කෘතියේදී දැකගත හැකි වන්නේ ඊට පසුබිම් වී ඇති රජරට ගොවි පරිසරය නිසා යැයි හැඟේ.'