Product Code: EPA196
දුප්පත්, අහිංසක සිත් තුල නියම පිවිතුරු ආදරය ඇතැයි මට සිතේ. එය සෑමදාටම වලංගුව පවතී. එමෙන්ම ඒ සිත් තුල උපදින ආදරය, ඔවුන් මිය යන තුරුම එක ලෙස පවතිනු ඇතැයි ද සිතිය හැක.
දමයන්ති, සුභාෂිණී සහ සාරංගද එවැනි අහිංසක, ආදරයට ආදරය කළ තිදෙනෙකි.
දමයන්තිගේ ආදරණීය . චරිතයට වඩා සුභාෂිණීගේ ආදරණීය චරිතයේ යම් යම් වෙනස්කම් ඇත. එයයි සොබාදහම.
අහිංසක බව හා ආදරණීය බව විටෙක සමාන වුවද, දුප්පත්වූ පමණිනම එකිනෙකාගේ අදහස්, සිතුම් පැතුම් හා සිතුවිලි එක හා සමාන වේයැයි සිතිය නොහැක. මා මැවූ සාරංග, දමයන්ති සහ සුභාෂිණී මෙහි ජීවමානව ඇතැයි මම සිතමි.
අපි ජීවත්වන මෙම සංකීර්ණ සමාජය තුල අජේ ජීවිත කාලය තුලදී අප නොසිතන නොපතන බොහෝ දේ සිදුවිය හැක. එවිට අප සිත්වලට දරාගත හැකි මෙන්ම, දරාගත නොහැකි සිදුවීම්ද සිදුවිය හැක. අප ඒ සෑම විටෙකම ඒ සෑම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගෙන සිටිය යුතු යැයි මට හැඟේ. එව්ටයි අපගේ පැතුමන් බොඳ නොවු පැතුමන් වන්නේ.