Product Code: BFM047
ඈන්ගේ අත් ඔර්ලෝසුව අනුවත්, සෑම දෙනාටම දැනුණු අන්දමටත් තේ වෙලාව පැමිණියේය. තද උණුසුම තදින්ම දැනුණු නිසා ටිමී සෑම විටම උල්පත කරා ගියේ සිසිල් වතුර බීමටය. වතුර ගෙනැවිත් තබා ගැනීමට ලොකු ජොග්ගුවක් තිබුණේ නම් හොඳයයි ඈන්ට සිතුණි. වතුර කෝප්පයක් ගෙන ඒමට වරින් වර උල්පතට යෑමට සිදුවීම ඔවුන්ට කරදරයක් විය. ඔහු ගල් තට්ටුවක් දෙසට ඇඟිල්ලක් දික් කළේය. එහි කැඩුණු මුට්ටියක්ද, හාරිච්චියක් වැනි දෙයක්ද, ගලක කෙටූ හිසක කොටසක්ද තබා තිබුණි. ජූලියන් එක් වරම උනන්දු වී, අගලට නැමී බැලීය. “ඔව්මයි ඇත්තටම ඔයාට මොන මොනව හරි හම්බ වෙලා තියෙනවා!” ඔහු කීය. “කාසි තිබුනෙ නැද්ද?