Product Code: EPA239
Joanna Trollope කතුවරිය විසින් රචිත Marrying the mistress නම් නවකතාව අනුවර්තනයක් ලෙස මෙහිදී මම සකස් කළෙමි. මෙහි එන කතාව අපට සිදු වූ, සිදුවිය හැකි කතාවකි. යථාර්ථය ගැන වඩාත් සැලකිලිමත් මෙම කතුවරිය රාගික වයෝවෘද්ධ පුද්ගලයකු, තරුණියක වසඟ කර ගන්නා ආකාරයත්, ඇය සමඟ වසර හත අටක් ජීවත්වන ආකාරයත්, දක්වා ඇති අතර තරුණියක හා ඇති කර ගන්නා සරාගී බන්ධනයෙන් කිසිදු ප්රතිඵලයක් නැති බව ද ඇය දක්වා ඇත. මෙහිදී අසම්මත සියලු දේ නිස්සාර බව පෙන්වන්නට කතුවරිය තෝරා ගෙන ඇති කතා තේමාව ඉතාමත් අර්ථවත් ය.