Product Code: EPA243
ජනප්‍රිය ජයසිංහ මා මුලින්ම හඳුනා ගත්තේ යොවුන් නාට්‍යකරුවකු ලෙසය. තාරුණ්‍ය සමඟ බැඳුණු සෞන්දර්ය හා විචිත්රත්වය මෙන්ම එහි අපූර්ව රිද්මයද පසක් කර ගත් ඔහු රංග භූමියේ සිට ප්‍රබල සංවාදයකට අපට ඇරයුම් කරයි. ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ සියුම් වියමනක් ඔහුගේ නිර්මාණ තුළ මම දකිමි. එය වූ කලී සුදුර්ලභ ප්රතිසාධක මංගල ලකුණු වැන්න. මානව සබඳතාවන් හා සංකීර්ණත්වය දයාර්දව විදහා දැක්වීම ඔහුගේ අභිරුචිය විය. රංග භූමියෙන් ඔබ වෙනත් සාහිත්‍ය ක්ෂේත්රයන් වෙතට ඔහුගේ තෙවන ඇස යොමු වෙයි. ''ගෙම්බා " නමින් සිය ප්‍රථම කෙටිකතා සමුච්චය එළි දැක්වූ ජනප්‍රිය දැන් යොවුන් සාහිත්‍ය ලොවට පිවිස සිටී. යෞවනත්වයේ සීමා මායිම් ලකුණූ කිරිම වෙනුවට එහි රුව, තේජස සහ සමාජ වගකීම ඔහු මැනවින් චිත්රණය කරයි. ධනවාදී පාරිභෝගික සිරගෙයක පීඩනය වෙනුවට යෞවනයේ ශාන්තිය හඳුනා ගනී. යෞවනත්වයට හරස් වූ මායාරූපය බිඳ හැර එහි සුදිලෙන ආදරයේ සුවඳ විහිඳෙන්නට හේ අපට ආරාධනා කරයි.