Product Code: BFM055
තමා අතින් සිදු වූ නාශය දුටු ටීනා මහ හඩින් විලාප තබමින් උදුන් පලස මත ඇද වැටුණා. උදුන් පලස කරකුට්ටන් වී දුඹුරු පැහැයට හැරුණා. ඇල්බට් වහාම ඈ නැගිටුවා සිට ඈ එළියට තල්ලු කළේ ටිකක් සැර නිවෙන්නට. ඔහු ඈට බැණ වදින්නට තරම් කේන්ති නොගත්තේ ඔහුට වහා උණුවන හදවතක් ඇති බැවිනුයි. ඒත් ඔහුට හැඬා වැලපෙන්නට තරම් ආවේගයක් ඇති වූයේ බිඳුණු චීන පිඟන් බඩුන්, පිලිස්සී ගිය කුලුනුත්, කරවී ගිය පලසත්, ඒ ඔක්කෝටමත් හපන් ඔහුගේ ආදරණීය පින්තූරය කුඩේ කුඩු වීමත් දකින විටයි. ඇත්තටම පින්තූරය කියන්නේ “හරියටම පින්තූරයක් නොවෙයි. 'චීක නිවස සීදේවී නිවස යන අකුරු පෙළ කුඩා බෙලි කටුවලින් අලවා තිබුණත්, ඒ කෙ නිර්මාතෘ ඇල්බට්ගේ මෑණියො, වසර ගණනාවක් තිස්සෙ උදුනට උඩින් ඒක එල්ලා තිබුණෙ. දැන් සිප්පි කටු ටික බිම විසිරීලා. රාමුව පිළිසකර කළ නොහැකි තරමට බිඳිලා