Product Code: EPA168
1959 දී මා සයවැනි වසරේ ඉගෙනුම ලබද්දී මම මගේ ජිවිත කතාව පළමු වරට ලීවෙමි. එය පිටු විසිනමයකින් යුක්ත වූ අතර එහි ලියැවුණේ මගේ දෙමව්පියන්, සහෝදරයන් පිළිබඳව ද මෙන්ම මගේ සුරතලුන් පිළිබඳව මෙන්ම මගේ විනෝදාංශ, මගේ පාසල සහ මා කැමැති ක්රීඩාවන් පිළිබඳවය. ඒ අතරම මගේ අනාගත සැලසුම් පිළිබඳව ද සඳහන් කළෙමි. ඊට වසර හතලිස් දෙකකට පසු මම තවත් ජීවිත සටහනක් ලීවෙමි. මා ක්ලින්ටන් සමග ධවල මන්දිරයේ ගත කළ ජීවිතයේ ඉතිහාසය එහි සඳහන් විය. මගේ ජීවිත කතාව හරි හැටි සකස් කිරීමට නම් ආරම්භයට නොගොස් ජනාධිපති බිරිඳ ලෙස මගේ ජිවිත කතාව හරි හැටි ලියන්නට නොහැකි යැයි මම වටහා ගත්තෙමි. ජනාධිපති බිරිඳ ලෙස 1993 වසරේදී පළමු වරට ධවල මන්දිරය වෙත පියමං කළ හැටි, ඒ උත්තරීතර පදවිය දරමින් විවිධ ආකාරයට මා ලැබූ අත්දැකීම් එහි සටහන් කළ යුතු යැයි මට සිතුණි