Product Code: EPA247
ලපටි සිත් දැහැන් තුළ නිරන්තවම පහළවන රසවත් හැඟීම් ඔවුන් වැඩිවිය කරා පත්වූ පසුවත්, ඒවා ඔවුන්ගේ සිත් දැහැන් තුළින් ඉවත් නොවී මුළු ජීවිත කාලය පුරාවටම ශක්තිමත්ව පැවතීම ස්වභාවික දෙයකි.
කඳුල ඉපදී දෙනෙතින් පිටතට ගලන විට දුක අහවර වේය කියලා අපි සිතුවත්, හදවත තුළ දුක, වේදනාව තියෙන තුරාවට දෙනෙතට කදුළු ඉපිද ඉපදී පිටතට ගලනවාමයි. එය වලක්වන්න බැහැ. ...........වාගේම තමයි කඳුලකට මුවාවෙලා දෙතොලට සිනාවක් නගාගනන් බැරි බවත් අපි සිතන්න ඕන.
සුන්දර වූ ආදරයක ආදරණීය බව විඳින විටත්, එහි තිබෙන මිහිරියාවතේ හරිම සුන්දරයි කියලා හිතා ගන්න. සුන්දර සිතුවිලි වලින් අපේ සිතට සන්තුෂ්ටියක් ලැබුණත්, එයත් තාවකාලික බව හිතේ තබා ගන්න ඕන. ඔබගෙත්, මගේත් ජීවිතය කොච්චර කටුක වුවත්, අපේ ප්රාර්ථනා සහ බලාපොරොත්තු හරිම සුන්දර ඒවා බවත් මතකයේ තබා ගත්තාට වරදක් නැහැ. ශානිකා, අනුෂා, සහ දිස්නාත් යන තිදෙනාම මේ පිළිබඳව අවබෝධයෙන් සිටිය තිදෙනෙක් බව කිව හැක.