Product Code: EPA188
මානව සම්පත් කළමනාකරණය පුළුල් විෂයකි. ගෝලීයකරණයත් සමඟ බිහි වූ කර්මාන්ත, නිෂ්පාදන, හා සේවාවන් සඳහා මානව සම්පත් කළමනාකරණය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. මානව සම්පත් කළමනා කරණ පිළිබඳ දැනුම කර්මාන්තකරුවන්ට මෙන්ම අලෙවි ක්ෂේත්රයේ විවිධ අංශවලට ද, විවිධ ආයතනවලට ද නැතිවම බැරි විෂයක් බවට අදවන විට පත් වී ඇත. රටක සේවක සංඛ්‍යාව වැඩිවත්ම ඔවුන් නිසි ලෙස කළමනාකරණය කරමින් සේවයට යෙදවීම වැදගත් වේ. ඒ සඳහා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම ඉතා වැදගත්ය. වර්තමානයේ දී මානව සම්පත් කළමනාකරණය විශ්වවිද්‍යාලයේ හදාරන විෂයක් බවට පත්වී ඇත. එය හදාරා උපාධියක් ලබා ගත් බොහෝ අය විවිධ ක්ෂේත්රවල මානව සම්පත් කළමනාකරුවන් ලෙස සේවය කරති. ඔවුන්ගෙන් නිෂ්පාදන ක්ෂේත්රයට මෙන්ම අලෙවි සහ පිරිස් කළමනාකරණ ක්ෂේත්රයට ලැබෙන්නේ නොමද සහයකි.