"විදෙස් යොවුන් කතා ග්රන්ථය සකස් වී ඇත්තේ ආසියාතික රටවල් විස්සක යොවුන් කතා එකතුවක් ලෙසට ය. මෙම කතා එකිනෙකට වෙනස් තේමාවන් යටතේ නිර්මාණය වී ඇති අතර එම රටේ සංස්කෘතික ලක්ෂණ හා ජීවිත රටාවන් එම කතාවල ඇතුළත් වී ඇත. මෙම කතා කියවීමෙන් අප රටේ දරුවන්ට එම රටවල්වල තොරතුරු දැන ගැනීමට හැකි වීම බෙහෙවින් ම ප්රයෝජනවත්ය. කතුවරියක වශයෙන් මා සැම විට ම උත්සාහ දරන්නේ අප රටේ දරුවන් මගේ නිර්මාණ තුළින් යහපත් පුරවැසියන් කරන්නට ය. ඒ බව මා මෙතෙක් කර ඇති නිර්මාණ සාක්ෂි දරයි. මේ මහඟු කාර්ය කරන්නට මට බොහෝ අය අත හිත දී ඇත. ඒ සඳහා ඈපා පොත්හලේ අධිපති ශාස්ත්ර වේදී ඉන්දික ඈපා සෙනෙවිරත්න මැතිතුමාගෙන් ලැබුණ සහය මගේ ලේඛන කටයුතු වලට මහත් ශක්තියක් වී ඇත. එතුමාගෙන් ලැබෙන මෙවැනි සහය නිසා අප රටේ ළමා පරපුරට බොහෝ දේ කරන්නට මට අවස්ථා ලැබීම සතුටකි.මේ පොත් ඔබ වෙත පත් කිරීමට සහාය වූ පරිගණක තාක්ෂණ ශිල්පීනි සරෝජා කුඹුකගේ මෙනෙවිය ද ස්තුති ලබන්නී ය"