Product Code: EPA218
ජෝ. රංජිත් ගුණසේකර විසින් සිංහලයට පෙරළා ඉදිරිපත් කරන මේ කතාව මුහුදු වෙරළ ආශ්රිත ව කුණාටු මැද ජීවත් වූ අසරණ දරුවකු ගේ සත්ව කරුණාව පිළිබඳ ලියැවුණු සංවේදී ළමා කතාවකි. "කුරුලු යහළුවො" ඔස්ට්‍රෙලියාවේ මිලියන ගණනක් දරුවන් අතර ඉතා ජනප්‍රිය වූ ළමා කතා පුවතෙකි. එ නිසාම මේ පොත විසි වතාවක් මුද්‍රණය වී ප්‍රකාශයට පත් විය. ඉන්පසු එය ළමා චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය විය. මේ චිත්‍රපටය (STORM BOY) නමින් ලෝකය පුරා ප්‍රදර්ශනය වූ අතර චිත්‍රපට සම්මාන රාශියක් දිනා ගෙන ඇත.
අහිංසක පෙලින් කුරුල්ලාට දඩයම් කරුවන් ගෙන් වෙඩි වැදී මිය යයි. මේ කුරුල්ලා මිනිස් ජීවිත හයක් ගලවා ගත් කුරුල්ලෙකි. ඒ කුරුල්ලාට වෙඩිතැබීම මොන තරම් සාපරාදයක් ද?
"කුරුලු යහළුවෝ" කුරුල්ලන් වෙත පිදූ ආදරය විශ්ව ළමා පුරපුරට ම ආදර්ශයකි.