ගොවි වෘත්තියේ ප්‍රමිතිය සකස් කිරීමට අපේ පාලකයින්ට තවමත් හැකි වී නැත. ඔවුන්ගේ මූලික හැකියාව වන හසුරු කුසලතා පදනම් කරගත් ජාතික වෘත්තීය සුදුසුකම් ලබාදීමේ NVQ පාඨමාලා මගින් ගොවි දරුවන් පුහුණු කර නව තරුණ ගොවි පරපුරක් සංවිධානය කිරීමේ වගකීම ඉටු නොවුණහොත් ඉදිරියේ දී ගොවි බිම් පාළුවීම වැළැක්වීමට නුපුළුවන. පරිසර සාධක උපයෝගී කර ගනිමින් අපේ මුතුන්මිත්තන් ගොඩ නැගූ සංස්කෘතියෙහි උරුමකරුවන් ලෙස වත්මන් අභියෝග ජය ගැනීමට කෘෂිකර්ම ක්ෂේත්රයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන අද දවසේ වී ගොවිතැන පිළිබඳව විද්‍යාත්මක කරුණු සියල්ල සරල බසින් දැක්වීමට පරිසරවේදී අශෝක හරිස්චන්ද්‍රයන් දරණ මෙම ප්රයත්නය ගොවි ජනතාව සවිබල ගැන්වීම උදෙසා සිදුකරන ලද්දකි