අප සිනමාව ගැන සිහින මවන කාලේ සිනමාව සද්දන්ත එකක්. ඒත් අපි සිනමාකරුවන් වන විට ඒ සද්දන්ත සිනමා අවකාශය හැකිළිලා මොබයිල් ෆෝන් එකක් ඇතුළට. ඇත්තටම ඒ මහා සිනමාව තිබුණු තැන අද තියෙන්නේ ඒ සා විශාල හිඩැසක්. ඒ විශාල හිස්තැන පුරවන්න අපි තාමත් නොනැසුණු අනුරාගයකින් යම් යම් දේවල් කරමින් ඉන්නවා. සිනමාවක් නැති තැනක සිනමාව අරමුණු කරගෙන කෙරෙන කතා බහක් වුණත් ගොඩක් වටින්නෙ ඒ නිසා. මේ පොතේ රචනා අවුළුවන්නෙ එවැනි කතා බහක්