Product Code: EPA222
මිනිස් ජිවිතයක් ලැබූ අපට එදිනෙදා ජීවිතය පවත්වා ගෙනයෑමේදි නිවස තුල දී මෙන්ම ඉන් පරිබාහිරවද විවිධාකාර ගැටලුවලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා බොහෝ වේ. කෑම බීම පිළියෙල කිරිමේදි, රුව රැක ගැනීමේදි, ශාරිරික ආබාධ තත්වයන්හිදි නැතහොත් එදිනෙදා සිදු කරන විවිධ ක්රියාවලියන්හිදි මතුවෙන එවැනි ගැටලු තත්වයන් මගහරවා ගැනිමට ඉතා සරල විසඳුම් ඇති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. නිතර භාවිතයට නොගැනෙන නිසා හෝ නොදැනුවත්කම නිසා හෝ සුළු ගැටලුවකදි වුවත් අප යොමුවන්නේ සංකීර්ණ විසඳුම් කරාය.
යමක් පුංචි වුවත් එහි වටිනාකම හා ගැඹුර අර්ථවත් කරන එවැනි පිළියම් කෙරෙහි අවධානය යොමුකර ඒවා අධ්‍යයනය කිරීමෙන්ම එහි සත්‍යතාවය ද තහවුරු කර ගැනිමට මා උනන්දු වූයේ විශේෂයෙන් කාන්තාවන්ගේ ජිවිතයේ යහ පැවැත්මට ඉන් විශාල මෙහෙවරක් සිදුවේ යැයි හැඟුන බැවිනි.