විවිධ අදහස් ඉංග්රීසියෙන්, සිංහලෙන් හා දෙමළෙන් ප්රකාශ කරන ආකාරය, කතා කිරීමේදී ඉතා වැදගත්වේ. දිනපතා සිදුවීම් පිළිබඳ දෙබස් රාශියක් මෙම පොතේ ඇතුළත් කර ඇත. වෙළඳ සැලකින් බඩු මිලදී ගැනීමේ සිට ගුවන් යානයක ගමන් කිරීම දක්වා වු විවිධ අවස්ථා පිළිබඳව එම දෙබස් ලියා තිබේ. එම දෙබස් සරල වචන වලින් සහ පහසු වාක්ය රටා වලින් යුක්තය. එබැවින් වටහා ගැනීම, මතක තබා ගැනීම සහ භාවිතය පහසුය. විවිධ අවස්ථා සහ සිදුවීම් ගැන දැනුම ලබාගත හැකි මාර්ගයක් ලෙසද මේ පොත වැදගත් වේ. එබැවින් ඉංග්රීසි සහ දෙමළ ඉගෙන ගන්නා සියළු දෙනාට මෙම පොත ඉතා ප්රයෝජනවත් වනු ඇත |