දරුවන් වැරදි නොකරන, සමාජය තුළ කැපී පෙනෙන හා ආදරය ලබන පුද්ගලයන් බවට පත් කිරීමට මාපියෝ ඔවුන්ගේ හැසිරීම් හා ක්රියාකාරකම් දෙස උනන්දුවෙන් බලා සිටිති. වැරැද්දක් කළ විට දී ඔවුන්ට දොස් පැවරීමට හා දඬුවම් කිරීමට ඉදිරිපත් වන්නේ එහෙයිනි. දරුවන් තුළ සුබවාදී සිතුවිලි ඇති කිරීමට විවිධ උපදෙස් හා අවවාද මාපියන් විසින් ලබා දෙන්නේ ද ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමේ අරමුණෙනි. නමුත් දරුවන්ට පෙර මාපියන් තුළ ඉතා යහපත් ගතිගුණ වර්ධනය කර ගත යුත්තේ දරුවන් සැම විට ම මාපියන්ව ආදර්ශයට ගන්නා හෙයිනි. එහෙයින් දරුවන් යහපත් පුද්ගලයන් බවට පත් කිරීමට පෙර මාපියන් වැරදි නොකරන පුද්ගලයන් බවට පත් විය යුත්තේ දරුවන් ඔවුන්ගේ හැසිරීම් දෙස බොහෝ උනන්දුවෙන් බලා සිටීමෙනි. |