නිවසේ බුදුන් මව බව බුදු දහම උගන්වයි. මව පමණක් නොව පියාද දරුවාට බුදුවරයෙකි. එහෙයින් එම උතුම් පදවියෙහි වග කීමට හා ගරුත්වයට සරිලන සේ තම ජීවන ශෛලිය සකසා ගැනීම හැම මවකගේම පියෙකුගේම වගකීම වේ. දරුවා යනු දෙමාපියන්ට මුහුණ දීමට ඇති ප්‍රබල අභියෝගයක් වන්නේ ඒ නිසාය. දරුවාගේ වර්ධනයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම ප්‍රබල අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කුමන අයුරින්ද යන්න මතය. මෙම ග්‍රන්ථය එම කරුණ සම්බන්ධයෙන් දෙමාපියන්ට හොඳ අත්වැලක් වනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි. මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කිරීම සඳහා ඇප කැප වූ විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය ප්රමුඛ සෑමදෙනාම මගේ කෘතඥතා පූර්වක ස්තූතියට හිමිකරුවෝ වෙති. හොඳ මවක, පියෙකු වී අනාගත පරපුරේ උදා තරුවක් වන්න |