1980 මුල් කාලයේ සුනිලා අබේසේකර 'කාන්තාව හා මාධ්‍ය සාමූහිකය' සඳහා පදනම ස්ථාපනය කළා ය. මුලදී එය කෙටිකාලීන උවමනාවන්, සහිතව තාවකාලික නිවහනකට ' එක්රැස්වන ස්වභාවයක් දැරූ කාන්තා මිත්‍ර පර්ශදයක් විය. මෙම සාමාජිකාවන් හැමෝට ම පාහේ සාහිත්‍ය කලාවන් ට, වේදිකාවට හෝ සිනමාවට කිසියම් සම්බන්ධයක් තිබිණ. ඒ වන විට අළුත්, ප්‍රගතිශීලී, ඇතැම් විට ස්ත්‍රීවාදී නැඹුරුවක් සහිත ස්වායත්ත කාන්තා සංවිධාන කිහිපයක් ම මතුවෙනු පෙනින. ඔවුන් තමන් ව ' කාන්තා හඬ ', ස්ත්‍රී මධ්‍යස්ථානය, ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ', මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසඳය ' යනාදී නම්වලින් හඳුන්වා ගත්හ. මේ උණුසුම මැද්දේ සුනිලා වෙනස් තෝරා ගැනීමක් කරා පිය තැබුවා ය. සංවිධාන නාමයේ සංරචක ත්‍රිත්වය - කාන්තාව, මාධ්‍ය, සාමූහිකය - එහි සාමාජිකාවන් ගේ පොදු රුචිය හා නැඹුරුතාවය පිළිබිඹු කළේ ය. ජනප්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය තුළ ගැටළු සහගත ලෙස ස්ත්‍රිය නියෝජනය වීම අභියෝගයට ලක් කිරීම ඔවුන්ගේ අභිප්‍රායය විය; ලිංගභේදාත්මක ඒකාකෘතීන් සහ ස්ත්‍රිය පිළිබඳ නිෂේධනාත්මක රූපකරණය, ස්ත්‍රිය ගේ කතෘකාරකත්වය අවතක්සේරු කිරීම හා මකා දැමීම යට කී ගැටළු සංකීර්ණය තුළ අඩංගු විය