මාගේ මෙහි ඉදිරිපත් කර ඇති ජන ගී එකතුවට වැඩි පුරම කවි ලැබුනේ මාගේ යටගියාවූ මතකය අවදිවීමෙනි. ඒ මතකය සමඟ අත්දැකීම් මට ලැබුනේ මගේ මිත්තණිය සහ කිරි අම්මාගෙනි. මගේ මුත්තා, මුත්තම්මා, අත්තා සහ කිරි අම්මා මගේ නොමැකෙන මතක සටහන් අතරට එක්වී ඇත. මුත්තම්මා යනු අත්තාගේ මෑණියන්ය. ඇය සහ මගේ කිරි අම්මා ඔවුන්ගේ මුණුපුරු මිණිපිරියන් නළවනු අසා ඒවා මගේ ශ්රැතියට එක්විය. ඒ අත්දැකීම් මා ලදුයේ 70 දශකයේදී වන අතර 80 දශකයේ අග භාගයේ මා මව්පදවිය ලද විට නැවතත් ඒවා මගේ මුවින් ගැයිණි