පාසල් ගේට්ටුව තුලින් පැමිණෙන දරුවා වංශාධිපතියාගේ දරුවාද කසල ශෝධකයාගේ දරුවාද යන්න පාසලට හෝ ගුරුවරයාට ගැටලුවක් විය යුතු නැත. ගේට්ටුව තුළින් පාසලට පැමිණෙන සෑම සිසු දරුවාටම ඇත්තේ එකම අයිතිවාසිකමය. ඒ යහපත් පුරවැසියෙකු සේ රටට දැයට, සමාජයට ප්‍රයෝජනවත් පුරවැසියෙකු වීම සඳහා අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතියයි. ගුරුවරයාද තම පෞද්ගලික ගැටලු හා බැඳීම් පාසල් ගේට්ටුවේදී අතහැරදමා නිදහස් සිතින් පාසලට පැමිණිය යුතුවාක් සේම පාසලේදී ඇතිවන ගැටලු හා ව්‍යාකූලතාවයන් පාසල තුළම තබා සවසට ගේට්ටුවෙන් පිටවිය යුතුය. දෙමාපියන් ගුරුවරුන් හා සමාජය යන ලිප්වල් තුනමත දැනුම නැමැති ගින්නෙන් පිසෙන දරුවා නැමැති බත් හැලිය පරිණත පුරවැසියෙකු කිරීම සියල්ලන්ගේ වගකීම වන්නේය