Product Code: DINTXT030
කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්‍ය රූප මැවිල්ලත් දක්වා දුර දිගෑදී ගිය කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බුහුටිභාවය "සීනි මුරුක්කු" සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්‍රබන්ධ සාහිත්‍ය වපසරීයේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්‍යය අඩංගුවකින් යුක්තව සහෘදගතවන්නට ඊට හැකිවන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්රමිකව රිංගා ඇතුළුවන තිගස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්‍යය අඩංගුව හන්දා ය.