සිංහල නාට්‍යය පිළිබඳ වංශ කථාවේ එක් සන්ධිස්ථානයක් සේ සැලකෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් 1956 දී කරළියට නැංවූ මනමේ නාටකයයි. එදා මෙදාතුර බොහෝ රසිකයෝත් විචාරකයෝත් නොයෙක් ආකාරයෙන් මේ නිර්මාණය අගය කළහ. එහෙත් සරත් අමුණුගම මහතා මේ පොතෙන් මනමේ නාටකය අගය කරන්නේ කිසිවකු නොකළ ආකාරයටය. ඔහු මුලින්ම කරන්නේ මනමේ නාටකය බිහිවීමට තුඩු දුන් පසුබිම සකස් වූ ආකාරය පාඨකයා සමඟ පිළිසඳරක යෙදී සිටින විලාසයෙන් ඉදිරීපත් කිරීමයි. අනතුරුව ඔහු මනමේ නාටකයේ පෙළ ඉතා සියුම්ව විශ්ලේෂණය කරයි. පුරාවිද්‍යාඥයෙකු මහ පොළොවේ ස්ථරයෙන් ස්ථරය ඉවත් කරමින් කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය ශිෂ්ටාචාර යළිත් මතු කර ගන්නාක් සෙයිනි. මනමේ නාටකයේ පෙළ මෙබඳු විමර්ශනයකට මෙතෙක් භාජන කොට ඇති බවක් නොදනිමි. එබැවින් මෙය ආශාවෙන් ද කුහුලින් ද කියවිය හැකි වටිනා පොතකි