කුඩා කල පටන්ම දරුවන්ට හොඳ නරක කියා දීමෙන් ඔවුන් යහපත් පුරවැසියන් කළ හැකිය. පැරණි පොත පත මගින් දෙන ලද උපදේශ ප්රායෝගිකව අදටත් ගැලපෙන බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමයි. වීදාගම මෛත්රිය හිමියන් විසින් සම්පාදිත මෙම අනගි උපදේශ කවි පොත කුමන ආගමක කෙනෙකු විසින් වුවද ප්රගුණ කිරීම යහපතක්ම වීමට හේතුවේ. මෙහි එන බොහෝ පැදි එක් වරක් කියවීමෙන් වුවද කටපාඩම් වන තරමට සරල බසින් යුක්තය