Product Code: DINTXT020
මක්සිම් ගෝර්කිගේ ¨අම්මා” නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම්ය. එය දසලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමුවැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මේ නවකතාව ලෝකවාසීන් අතර ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127කින් හා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද "අම්මා” පළ වී ඇත. එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය.